ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

0
16


මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදාගැනීමේ උතුම් අවස්ථාව තවත් නොබෝ වේලාවකින් මෙරට සැදැහැවත් ජනතාවට උදා වනවා. 

එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර එක් වුණා. 

දළදා වහන්සේ වැඩ සිටින විශේෂ කුටිය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තා. 

අද පස්වරු 03 සිට පස්වරු 05 දක්වා දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වනවා. 

ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වන විටත් මහනුවර නගරයට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here