ජනපති අරමුදලෙන් ලක්ෂ 200,300 ගත් පහුගිය ආණ්ඩුවේ ලොක්කන්ට වැඩ වරදින ලකුණු

0
11


ජනාධිපති අරමුදලෙන් පසුගිය රාජ්‍ය පාලනයේ ඉහළ ද‌ේශපාලන අධිකාරිය ලක්ෂ 200, 300 ලබා ගැනීම පිළිබඳ විමර්ෂණ ආරම්භ කර තිබෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පසුගිය රාජ්‍ය පාලනය තුළ ජනාධිපති අරමුදලේ අරමුණුවලට පටහැනිව මුදල් ප්‍රදානයක් සිදුකර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදි අනාවරණය වුණා.

ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අමාත්‍යවරයා කියා සිටියා.

විධිමත් විමර්ශණයකින් පසුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

නිකවැරටිය ගිනි නිවීමේ ඒකකය සහ සුවසහන ගිලන් රථ සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ද මෙහිදී සිදුකෙරුණා. වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here