ජනපති අනුර වියට්නාමයේ සංචාරයකට

0
7


සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා මැයි 03 වනදා සිට මැයි 06 වනදා දක්වා මෙසේ වියට්නාමයේ නිල රාජ්‍ය සංචාරයක නිරත වනු ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයා එම සංචාරය අතරතුරදී වියට්නාමය සමග අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත ය.

එම ගිවිසුම්වලට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම

සංකීර්ණ සමකාලීන ලෝකයේ එකිනෙකා සමඟ සමීප ව සම්බන්ධ වී ඇති ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වා ගැනීම සඳහා ආයතනික සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්‍ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර එකඟතාවකට පැමිණ ඇත.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

ඒ අනුව, වසර තුනක (03) කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත්කිරීම.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here