ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණ වී තිබේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ වර්තමාන ජනපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා ඊයේට (21දාට) වසරක් ගත වී තිබේ.
2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමිකර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ 2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා විය. 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, වර්තමාන ජනපතිවරයා විසිනි. එය ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලෙස නම් කර තිබිණි. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන්ම ඔවුන්ගේ වසර ගණනාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ද තිබූ ප්‍රධාන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එමෙන්ම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ද ඔවුන්ගේ එක් මැතිවරණ පොරොන්දුවක් විය.
ජනපතිවරයාගේ පළමු වසර ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර එමඟින් ඉදිරි වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාව පහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 2025 පළමු මාස 6 තුළ රාජ්‍ය ආදායම රු. බිලියන 2321 ක් වන අතර 2024 වර්ෂයේ පළමු මාස 6 තුළ ලබා ඇත්තේ රු. බි. 1,864 ක් පමණි.
රාජ්‍ය බදු ආදායම 2024 පළමු මාස 6 තුළ රුපියල් බිලියන 1709 ක්වූ නමුත් මෙම වසරේ රුපියල් බිලියන 2,152. ක් දක්වා වැඩිවී වී ඇත.
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු 06 වැනිදා දක්වා රැස්කර ඇති ආදායම රුපියල් බිලියන 1271 කි. පසුගිය වසර පුරාම ජනපතිවරයාගේ පාලනය යටතේ නීතියේ ආධිපත්‍ය වඩා හොඳින් තහවුරු කර ඇති බවත් රජය නිවේදනය කරයි. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය සඳහා පසුගිය වසර පුරා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.
චතුර පමුණුව
Saru FM Media