ජනපති අනුර අද මහා මණ්ඩලය අමතයි

0
6

මම ගිහින් එන්නම්…

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගිවීමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24දා) මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

ජනාධිපතිවරයා පෙරේදා (22දා) රාත්‍රි දිවයිනෙන් පිටත් වූ අතර අද එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකට සහභාගි වීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටී.

චමින්ද සිල්වා සහ ටී.කේ.ජී. කපිල – ගුවන්තොටුපළ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here