එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22දා) රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3ග15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිත අතර සංචාරයේදී දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේක සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය.
එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක් වීමට නියමිතය.
Saru FM Media