ජනපතිගේ නියෝගයෙන් පාස්කු කොමිසමේ වාර්තාව CIDයට භාරදෙයි

0
8


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයක් අනුව ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී හෙටට (21) වසර හයක් සපිරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් ද මේ වනවිට මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කරන බවටත් එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකරන බවටත් ඒ මහතා මැතිවරණ සමයේදී පොරොන්දු වී තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here