මාර්තු 20 කොළඹ LNW :
ජනාධිපතිවරයා පර්ලිමෙන්තුවේ දීර්ඝ විග්‍රහයක් කරමින් මධ්‍යස්ථ ආකාරයට යුධමය තත්ත්වය තුළ කටයුතු කළ බව පැවසූ නමුත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2.4, 2.7 සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වූ යුද්ධය හෙළා දකින්න කටයුතු නොකළේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මධ්‍යස්ථ මතයක් දරන්නේ නම් මේ ආකාරයට ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වීම ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු වුවත් මේ වන තෙක් ජනාධිපතිවරයා එවැනි දෙයක් සිදු කර නොමැති බවත් මේ තුළින් ජාත්‍යන්තර නීතිය සුරක්ෂා කිරීමේ සදාචාර සම්පන්න ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම ගැන කණගාටුවන බවත් මේ යුද්ධය නිසා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වුවත් මධ්‍යස්ථ අප රටට මේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරිම ගැන හෙළා දැකීමට බිය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරයා විසින් බරපතල ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ අප රට ගිවිසුම් අත්සන් කර ඇත්තේ සේවා නඩත්තුවට, සමුද්‍ර කලාපය ගැන දැනුවත් වෙන්න, සයිබර් තර්ජන, මානුෂීය ආපදා හා හදීසි ප්‍රතිචාරවලට බවත් සමුද්‍ර කලාපය ගැන දැනුවත්භාවය ගැන සම්මුතියක් ඇති බවට ජනාධිපතිවරයා පැවසූ නිසාම ඉරානීය අයිරිස් දෙනා නෞකාවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමෙරිකාව දැනුවත් කළාද කියා ගැටලුවක් ඇති බවත් මේ සමුද්‍ර කලාපයේ සිදුවන දේ ගැන දැනුවත් විය යුතු වුවත් මේ ප්‍රහාරය ගැන දැනුවත් වූවාද කියා ගැටලුවක් ඇති බවත් එසේ දැනුවත් නැත්නම් මේ ගිවිසුම් කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මේ ප්‍රහාරය සිදු වූයේ අපේ මුහුදු කලාපයේ නොව ආර්ථික කලාපයේ යැයි පවසන බවත් මේ ගැන නම් ජනාධිපතිවරයා මීට වඩා දැනුවත් විය යුතු බවත් අනන්‍ය ආර්ථික කලාප ගිවිසුමේ ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් ගැන මෙන්ම ඩියු රිගාර්ඩ් සංකල්පය ගැන මෙන්ම අනන්‍ය ආර්ථික කලාපයේ ක්‍රියාත්මක කළ හැක්කේ සාමකාමී ක්‍රියාදාම පමණක් බවට විවිධ සම්මුතිවල දැක්වෙන බවත් මේ අනන්‍ය ආර්ථික කලාපයේ යුද ගිනි ක්‍රියාත්මක විය නොහැකි බවත් අපේ ආර්ථික කලාපයේ ඔ්නැම දෙයක් කළ හැකි බවට සිතන්නේ නම් එය වැරදි බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ජාත්‍යන්තර නීතිය ගැන ජනාධිපතිවරයා දැනුවත් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
රුසියාවෙන් තෙල් ගන්න කිව්ව එක මේ රජය ඇහුවේ නෑ
ඇමෙරිකාව විසින් රුසියාවට පැනවූ සම්බාධක දින 30කට ඉවත් කළ බව ජනාධිපතිවරයා හෝ රජය නොදන්නා බවත් දින 30ක විරාමය තුළ මේ තෙල් ගනුදෙනුව සිදු කරන්න යැයි එදා තමා විදේශ අමාත්‍යවරයාට කියුවත් දින 7ක් යනකම් කිසිත් නොකර 7 වැනි දින රුසියානු තානාපතිවරයා හමුවූ බවත් එහි දි තෙල් ගනුදෙනු ගැන කිසිදු සාකච්ඡාවක් වුනේ නැති බවට රුසියානු තානාපති කාර්යාලයම නිවේදනය කළ බවත් මේ දින 30 සම්බාධක විරාමය තුළ නියමිත ආකාරයට තෙල් ගන්න හැකියාව තිබුණත් රජය ඒ වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බාල ගල් අගුරු නිසා අදත් නොරොච්චෝලෙ හරියට වැඩ නෑ
මේ යුද්ධය නිසා අභ්‍යන්තර කම්පනයක් අප රටේ ඇති බවත් අද දවසෙත් නොරොච්චෝල බලාගාරයේ මෙගවොට් 165ක් අඩුවෙන් නිෂ්පාදනය කර ඇති බවත් මාර්තු 12 වැනිදා සිට මේ බලාගාරයෙන් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වූ බවත් ඊයේ දින පවා මෙගවොට් 165ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති දාමය සුරක්ෂිත යැයි කිව්වත් බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය උත්පාදනය නොවීමත් පරිසර විනාශයක් සිදුවීමත් සෞඛ්‍ය ගැටලු මතු වීමත් සිදුවන බවත් මෙසේ අඩුවෙන් විදුලිය උත්පාදනය කරන්න සිදුවන විට ඩීසල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවන බවත් අඛණ්ඩ විදුලි සැපයුමට මේ නිසා බරපතල තර්ජනයක් සිදුවන බවට විපක්ෂය මෙන්ම මහජන උපයෝගීතා කොමිසම පවා ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
QR එකට විහිලු කළ අයම අද QR එක ගෙනත්
QR කේතය ක්‍රියාත්මක වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිව්වේ එය විහිලුවක් බවත් ඔත්තේ දින ඉරට්ටේ දින වාහන ලියාපදිංචිය විහිලුවට නැංවූ වත්මන් රජයේ එවක විපක්ෂයේ අය අද QR කේත ක්‍රමයට හැඩ ගැහෙන්න යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද රටේ බුද්ධි ගලනය වැඩි වෙලා
මේ ගැටලු මැද ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස විසදුම් රැසක් ඉදිරිපත් කිරිමට කැමති බවත් මේ යටතේ භාණ්ඩාගාරයේ ඇති අතිරික්ත මුදල් සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලෙසත් 2025 අප රටට ඇ. ඩොලර් බි. 3.2ක ආදායමක් මේ නිසා ලැබුණු බවත් අද වන විට සංචාරක ක්ෂේත්‍රය කඩා වැටෙමින් පවතින නිසා මේ ගැන සිතිය යුතුබවත් අද බුද්ධි ගලනය සිදුවන බවත් පේරාදෙනිය වි.වි. අනුව රාජ්‍ය විශ්වවිද්‍යාවල උපාධිධාරීන් 50%ක් ස්ථිර ලෙස රට අතහැර යන බවත් වෛද්‍ය ඉංජිනේරු කෘෂිකර්ම ක්ෂේත්‍රවල 80%ක් ස්ථිර ලෙස රට අතහැර යන නිසා බදු බර අඩු කළ යුතු බවත් මේ වෘත්තීයවේදීන්ගේ වේතන ඉහළ දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් IMF එක සමග සාකච්ඡා කරන්න
දැන්වත් IMF එක සමග සාකච්ඡා කර නව ගිවිසුමකට යා යුතු බවත් ප්‍රාථමික ශේෂය 2.3 තබා ගෙන මේ ඛේදවාචකයට මුහුණ දිය නොහැකි බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් දුප්පත්කම ගැන ප්‍රශ්න අහන විට රජයට උත්තර සපයන්න නොහැකි වුවත් මේ ක්ෂේත්‍රයේ ඇමතිවරයා දුප්පත්කමට විසදුම් සොයන්න යොදා ඇති බවත් අප රටෙන් 1/3ක් දුප්පත් බවත් මෙය තවත් වර්ධනය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරාටේ නීතිය අහෝසි කරන්න
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක පරාටේ නීතිය වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවන ලෙසත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නියෝජනය කරන මේ අය අප රටේ කොදුනාරටිය වැනි නිසා පරාටේ නීතිය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිට්වා නිසා ගොවිබිම් රැසක් විනාසයි. දෙනවා කිව්ව සහන අදටත් නෑ
දිට්වා සුළි කුණාටුවෙන් අප රටට ඇ. ඩොලර් බිලියන 4.1ක් හානියක් සිදුව ඇති බවට මූලික අධ්‍යයනයෙන් පෙනී යන බවත් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් වුවත් තවමත් ටකරමට දෙනවා කියූ ලක්ෂ 10 සහනාධාරය නොමැති බවත් මන්දපෝෂණය වැඩි වී ආහාර සුරක්ෂිතභාවය අඩුවී එළවළු මිල 100% සිට 350% දක්වා වැඩි වී ඇති බවත් හෙක්ටයාර 108000ක් කුඹුරු විනාශ වී සෙසු ක්ෂේත්‍ර භෝගවල හෙක්ටරයාර 11000ක් ද බඩඉරිගු හෙක්ටයාර 6600ක් විනාශ වී ඇති බවත් පොහොරවල මිල පවා මේ අවස්ථාවේ මිල ඉහළ ගොස් ඇති නමුත් රජයට උත්තර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග. ඒ ගැන හිතන්නම වෙනවා
මේ වන විට ගෝලීය තෙල් මිල 60%කින් වැඩිවීම නිසා ලංකාවේ ආනයන බිලට ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් මේවායින් සංචිතවලට බලපෑම් සිදුවන බවත් මේ මොහොතේ වෙළෙදභාණ්ඩවල වෙළෙද හිගය වර්ධනය වන බවත් ජංගම ගිණුමේ අතිරික්තය පහළ යන බවත් පිරිවැය නිසා තල්ලුවන උද්ධමනය වර්ධනය වන බවත් අප රටේ තේ වෙළෙදපොළ බහුතරයක් මැදපෙරදිග බවත් ඇගලුම් ක්ෂේත්‍රයට පවා මරු පහරක් එල්ල වී ඇති බවත් සෑම පැත්තකම පිරිවැය වැඩිවි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට විරුවන් ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි
ලක්ෂ 10කට වැඩි ශ්‍රමිකයන් මැදපෙරදිග කලාපයේ සේවය කරන බවත් 2025 ඩොලර් බිලියන 7.8ක් මොවුන් ලබා දුන් බවත් මෙය විනිමය ස්ථායීකරණයට වැදගත් බවත් මේ ලක්ෂ 10 ශ්‍රමිකයන්ගේ සුබසාධනය ගැන ජිවිත සුරක්ෂිතභාවය ගැන රජය කටයුතු කළ යුතු බවත් යුද්ධය නිසා මේ අය ගෙන්වන්නේ නම් වන්දි ගෙවිය යුතු බවත් 90 දශකයේ මේ ආකාරයෙන් ගල්ෆ් යුද්ධයෙන් අවතැන් වූ අප රටේ ජනතාව නැවත අප රටට ගෙන්වා වන්දි දුන් නිසා ඒ ක්‍රමය දැන් පවා අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
භාණ්ඩාගාරයේ ඇති අතිරික්ක මුදල්වලින් ජනතාවට සහන දෙන්න
භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය මුදලින් රටේ ජනතාවට සහන පැකේජයක් අවශ්‍ය බවත් සෑම ආදායම් උත්පාදනය කර පිරිසක්ම කඩා වැටී ඇති නිසා මේ අය වෙනුවෙන් සහන දිය යුතු බවත් ඉතිරි කළ බිලියන ගනන් මුදල් ජනතාවට සහන දිය යුතු බවත් 2025 ජුනි මාසයේ සිට යුද්ධය එනවා කියා පූර්ව නිගමන ආ නිසා මේ ගැන රජය කලින් සුදානම් වුවා නම් කටයුතු කළ හැකිව තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආසියාවේ සතුට අඩුම රට ලංකාව
සතුටුම ජනතාව සිටින රටවල් අතර කළ සමීක්ෂණයෙන් අප රට 133 සිට 134ට අඩු වී 10න් 4ක් ලකුණු ලබා ඇති බවත් අප රටට ඉහළින් බංග්ලාදේශය නේපාලය මියන්මාරය පවා සිටින බවත් ආසියාවේ සතුට අඩු ලංකාව බවත් රටේ ජනතාව සමග සමාජ ගිවිසුමකට ආ රජය මේ ගැටලුවලින් පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


The post ජනපතිගේ කතාවට විපක්ෂ නායක සජිත්ගෙන් සැර උත්තරයක්. appeared first on LNW Sinhala.
Saru News
















