ජනතා බලා­පො­රොත්තු සුන් කළැයි පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට දඩ

0
2

ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී පාකි­ස්තාන ජන­තා­වගේ බලා­පො­රොත්තු සුන් කළ පාකි­ස්තාන ක්‍රිකට් පිලේ එක් ක්‍රීඩ­ක­යකුට පාකි­ස්තාන රුපි­යල් ලක්ෂ 50ක් බැගින් (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 55ක) දඩ­යක් නියම කර තිබේ.

ක්‍රීඩ­ක­යන් හොඳින් දස්කම් දක්වද්දී ත්‍යාග පිරි­න­මන බවත්, දුර්වල ප්‍රති­ඵල ලබා දෙන අව­ස්ථා­ව­ලදී දඬු­ව­ම්ව­ලට මුහුණ දිය යුතු බවත් සඳ­හන් කර­මින් පාකි­ස්තාන ක්‍රිකට් මණ්ඩ­ලය විසින් මේ දඬු­වම නියම කොට ඇත.

සල්මන් අලි ආගාගේ නාය­ක­ත්ව­යෙන් යුත් කණ්ඩා­යම තර­ගා­ව­ලියේ සුපිරි 8 වට­යෙන් ඉව­තට විසි වී ගිය අතර, අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලබා ගැනී­මට අපො­හො­සත් විය.

එක්ස්ප්‍රස් ට්‍රිබි­යුන් පුව­ත්ප­තට අනුව, සෑම ක්‍රීඩ­ක­ය­කුම මේ දඩ­යට යටත් වන අතර, දඩ මුදල් නොගෙ­වන්නේ නම් ඔවුන්ගේ මාසික වැටු­පෙන් කපා ගැනී­මට තීර­ණය කොට තිබේ. ‘

ඒ’ කාණ්ඩයේ ක්‍රීඩ­ක­ය­කුට අයි­සීසී ආදා­ය­මෙන් කොට­සක් ලෙස පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 2.7ක් හා පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­න­යෙන් රුපි­යල් මිලි­යන 4.5ක් සමඟ රුපි­යල් මිලි­යන 7.2ක මාසික වැටු­පක් ලැබෙනු ඇත. මධ්‍යම කොන්ත්‍රාත්තු සහිත පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට ඔවුන් ස්ථාන­ගත කර ඇති කාණ්ඩය මත පද­නම්ව වාර්ෂික වේත­නය ලැබෙන අතර, එය ස්තර හත­ර­කට බෙදා තිබේ.

එංග­ල­න්ත­යට එරෙ­හිව පැවති සුපිරි 8 තර­ග­යෙන් පාකි­ස්තා­නය පරා­ජ­යට පත් වූ අතර, ශ්‍රී ලංකා­වට එරෙ­හිව ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගත්තද, එය ඉදි­රි­යට යෑමට ප්‍රමා­ණ­වත් නොවීය.

හිටපු නායක බාබර් අසාම්, වත්මන් නායක සල්මන් අලි අගා සහ ෂඩාබ් ඛාන්, ෂහීන් ෂා අෆ්රිඩි සහ මොහො­මඩ් නවාස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩ­ක­යන් දක්ෂතා නොදැ­ක්වීම පිළි­බඳ දැඩි විවේ­චන එල්ල වී ඇත.

ආගා පාකි­ස්තා­න­යට පැමි­ණී­මෙන් පසු නාය­ක­ත්ව­යෙන් ඉවත් කරනු ඇතැයි සඳ­හන් වේ. හිටපු පාකි­ස්තාන පුහු­ණු­කරු සක්ලේන් මුෂ්තාක්, වත්මන් ප්‍රධාන පුහු­ණු­කරු මයික් හෙසන් වෙත දොස් පව­ර­මින් තම බෑනා වන ෂඩාබ් ඛාන්ගේ දක්ෂතා ආරක්ෂා කිරී­මට උත්සාහ කිරීම ද විවේ­ච­නය කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here