සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදෑසන 06.44ට උදා වුණා.
මෙවර පුණ්‍ය කාලය උදා වූයේ ඊයේ රාත්‍රී 08.57ටයි.
ඒ අනුව සියලු වැඩ අත්හැර ජනතාව ඊයේ රාත්‍රියේ සියලු වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත්වල නිරත වී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මෙවර අලුත් අවුරුදු උදාව අද අලුයම 03.21ට උදා වුණා. ඉන් අනතුරුව ආහාර පිසීමේ නැකත උදා වුණේ අලුයම 04.04ටයි.
මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක් ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගත යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් වුණා.
එම ආහාර මේ වන විට සෑම නිවසකම පාහේ සූදානම් කර තිබෙනවා. ඒ අනුව මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා, ගණුදෙනු කර ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ පෙරවරු 06.44ටයි.
Saru FM Media