ජනතාවට ජිවත් වෙන්න අමාරුයිවහාම විදුලි බිල, බඩු මිල, ඉන්ධන හා ගෑස් මිල, ඖෂධ හා පොහොර මිල අඩු කරන්න – විපක්ෂ නායක සජිත්

0
2

බඩු මිල වැඩි වීම නිසා රටේ ජනතාව අන්ත අසරණ වී ඇති තත්ත්වයක් මතුව ඇති මොහොතක තමන් පත් කර ගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ බඩු මිල ගැටලුවට විසඳුමක් දෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් දරාගත නොහැකි ලෙස විදුලි බිල, තෙල් මිල සහ ගෑස් වැඩි වීම, ආහාරපානවල මිල ද ඉහළ යාම මෙන්ම පොහොර හිඟයක් මතුවීම වැනි තත්ත්වයන් තුළ රටේ ආහාර සුරක්ෂිතභාවයට මරු පහරක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට යෝධකන්ඩිය බෝධි මහා විහාරය, යෝධකන්ඩිය නාග මහා විහාරය සහ සිතුල්පව්ව මගුල් මහා විහාරයට පැමිණ එහි වැඩසිටින ස්වාමීන් වහන්සේලා මුහුණ දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මේ බඩුමිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස් මිල සේම විදුලි බිල අඩු කිරීම, බඩු මිල අඩු කිරීම, පොහොර හා ඖෂධ මිල අඩු කිරීම ආදිය සිදුවිය යුතු වුවත් දශලක්ෂ සංඛ්‍යාත ජනතාව රවටා බලයට පැමිණි මේ රජයට තවමත් මේ බඩු මිල වැඩිවීමට විසඳුමක් ලබා දීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

බඩු මිල අඩු නොකළට ගල් අගුරුවලින් නම් හොරා කෑවා

රජය ජනතාව අපේක්ෂා කරන බඩු මිල අඩු නොකෙරුවත් තමන්ගේ සුවච කීකරු ගෝලයන් උපයෝගී කර ගෙන ගල් අගුරු වංචාවක් නම් ශක්තිමත්ව කාර්යක්ෂම සිදු කරන බවත් මුලින් ගල් අගුරුවල ගැටලුවක් නෑ කියා පසුව ගල් අගුරුවල බාල බව පැවසුවත් අක්‍රමිකතාවක් හො වංචාවක් සිදුව නොමැති බවට පවසන බවත් පැය 24ම මේ ආකාරයෙන් රටට විහිලු සපයන්නේ ඇයිද කියා රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් විමසන බවත් කුඩා දරුවාගේ සිට සෑම පුරවැසියෙකුම මේ ගල් අගුරු බාල කියා දැන් දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

ගල් අගුරු නිසා සිදුවූ පාඩුව සෘජුව නැති වුනත් වක්‍රව හෝ ජනතාවට දරන්න වෙනවා

අකාර්යක්ෂම පාලනයක් තුළ මේ ගල් අගුරු වංචාව දිගින් දිගටම සිදු වුවත් එය නතර කරන්න රජය උත්සාහ නොගත් බවත් මේ නිසා 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයන්ට හානි වන ආකාරයට මේ රජය බලශක්ති වැඩපිළිවෙළ මෙහෙය වූ බවත් මහජන උපයෝගීතා කොමිසම විසින් මේ ගල් අගුරු පාඩුව නිසා සිදු වූ පාඩුව විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගන්නේ නැති බව පැවසුවත් මේ ගල් අගුරු වංචාව නිසා නිශ්චිත විදුලි බලය ජනනය කරන්න නොහැකි වීම තුළ මේ මදිපාඩු වූ විදුලිය ඉන්ධන බලාගාර තුළින් නිෂ්පාදනය කිරිමට සිදු වන නිසා මෙහි පිරිවැය වැඩි වීම සෘජුව නොමැති වුවත් වක්‍රව හෝ ජනතාවට දරාගන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

මේ යන ආකාරයට නම් ජනතාවට ජිවත් වෙන්න බැහැ

ගල්අගුරුවලට සාපේක්ෂව ඩීසල් බලාගාර තුළින් විදුලි ඒකකයක් නිපදවන්න යන මුදල ඉහළ බවත් එක් පැත්තකින් මහජන උපයෝගීතා කොමිසම මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළත් මේ බාල ගල් අගුරු භාවිත කර ඒ තුළින් ඇති වන පාඩුව විදුලි පාරිභෝගිකයාට වක්‍රව හෝ දරන්න සිදුවන බවත් එබැවින් අපේ රටේ ජනතාව පීඩනයට දුකට කණගාටුවට ලක්ව ඇති මොහොතක ඔවුන්ගේ අසහනය තුනී කරන්න නම් මේ බඩුමිල ගෑස් ඉන්ධන බෙහෙත් පොහොර විදුලි ආදියේ මිල අඩුකළ යුතු බවත් මේ යන ආකාරයට නම් ජනතාවට ජිවත් විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ වගකීම ජනතාව ජිවත් කරවීමයි

ආණ්ඩුවේ වගකීම ජනතාව ජිවත් කරවීම බවත් මේ වෙනුවෙන් සමගි ජන බලවේගය ද ඉහළම කැපකිරීම සිදු කරන බවත් ජනතාව ජිවත් කරවන සැම ව්‍යායාමකටම නායකත්වය ලබා දෙන්න ඉදිරිපත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසිය.

https://we.tl/t-DtGur00Ys49T333e

The post ජනතාවට ජිවත් වෙන්න අමාරුයිවහාම විදුලි බිල, බඩු මිල, ඉන්ධන හා ගෑස් මිල, ඖෂධ හා පොහොර මිල අඩු කරන්න – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here