ජංගම දුරකථනයක් උසස් පෙළ සිසුවියගේ සේසතම විනාශ කරයි

0
2

ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබෙන අවස්ථාවක ඇති වූ විදුලිය කාන්දුවකින් සිදුවූ ගිනිගැනීමක් සම්බන්ධයෙන් පුවතක් සීගිරිය ගලකොටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ කාමරය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

ඇය පාඩම් කරමින් සිටින කාමරයේ ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබෙන අවස්ථාවේදී ඇති වූ මෙම ගින්නෙන්, පොත්පත් මෙන්ම ඇඳුම් පැළඳුම් සියල්ල සැණින් විනාශවී ඇති බව සඳහන්ය. 

ගින්න ඇති වන අවස්ථාවේදී ඇය සිය මව සමඟින් ආසන්නයේ නිවසකට ගොස් සිට ඇති අතර රාත්‍රී 10 පමණ වන විට එකවරම මෙම නිවසේ ගින්නක් හට ගෙන ඇතැයි නිවැසියන් පවසයි. 

කෙසේ වෙතත් රාත්‍රී කාලයේ ප්‍රදේශවාසීන්, පොලීසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කළ ද පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල අළු බවට පත්ව නිවසට ද ගින්නෙන් දැඩි හානි සිදුවී තිබිණි.

පස්වරුවේ ප්‍රදේශයට විදුලි බලය නොතිබුණු හේතුවෙන් තමන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනයෙන් පොත් මේසය උඩින් විදුලි ආරෝපණය සඳහා සවිකොට අසල්වැසි නිවසට ගිය බව සිසුවියගේ මව ප්‍රකාශ කළාය. 

පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන ඇති බවත් ඉන් සියල්ල විනාශ වූ බවත් ඇය පැවසුවාය.

ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් ඇතිව මෙම ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

නිවසේ කිසිදු ස්ථානයකින් ගින්නක් හටගෙන නැති බව නිරීක්‍ෂණය වූ බව ද පොලීසිය කියයි.

නිවැසියන්ගේ ද එකම මතය බවට පත්ව ඇත්තේ, මෙම ජංගම දුරකථනය ආරෝපණය කරන  ස්ථානයෙන්  එම ගින්න හටගන්නට ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here