ඡන්ද විකෘතිය ගැන ඇත්ත මෙන්න

0
3


ජනතා විමුක්ති පෙරමුණ ලෙස අවසන් වරට මැතිවරණයකට ඉදිරිපත් වූ 2018 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සහ ඉන්පසුව ජාතික ජන බලවේගය ලෙස 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ලබා ගත් ප්‍රතිඵලයේ උච්ඡාවචනයන් අමතක කර දමා ඇතැම් පිරිස් විසින් විකෘති අර්ථකතන දෙමින් සිටිති. .

අවසන් වූ 2025 පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර 28න් 23ක බලය, නගර සභා 34න් 25ක බලය සහ ප්‍රාදේශීය සභා 277කින් 217ක් ඇතුළු පළාත් පාලන ආයතන 265ක බලය ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන තිබේ. ඒ අනුව, සමස්ත දිවයිනම නියෝජනය වන පරිදි සභිකයන් 3967 දෙනෙකු තේරී පත් වී සිටිති.

පාර්ලිමේන්තු මැතිවරණයක දී සහ පළාත් පාලන මැතිවරණයක දී ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව මනෝ මූලික තත්වය මුළුමනින් ම නොසලකා හැර ඇතැම් අය පෙන්වා දෙන ඉලක්කම්වල පවතින දේශපාලන විකෘතිය 2018 පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 693,875ක් ලබා ගැනීමත්, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඡන්ද 445,958ක් ලබා ගැනීමත් නිදර්ශනයක් කර ගනිමින් සැසඳීමෙන් පැහැදිලි කර ගත හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here