ඡන්ද ප්‍රතිඵල බලන ගමන් කන්න මිනි පීසා හදමු.

0
9


අද හැමෝම ඡන්ද ප්‍රතිඵල එක්ක උණුසුම් වෙලා ඉන්න දවසක්. රූපවාහිනිය, අන්තර්ජාලය ළඟ කල් මරන ගෙදර අයට කන්න ටිකක් සැරට පීසා හදලා බලමු ද. මිනි පීසා නිසා ගෙදර අයට ඇති වෙන්න හදලා දෙන්න අමතක කරන්නත් එපා.

අවශ්‍ය දේවල්:

  • පාන් පිටි 650g
  • ඊස්ට් තේ හැඳි 02ක්
  • සීනි තේ හැඳි 02ක්
  • මඳ උණුසුම් වතුර කෝප්ප 1/2ක්
  • සීතල වතුර කෝප්ප දෙකක්
  • ඔලිව් තෙල් මේස හැඳි 02ක්
  • ලුණු තේ හැඳි 1 1/2ක්
  • තක්කාලි පූරී කෝප්ප 01ක් (Tomato purée)
  • රතු පාට බෙල් පේපර් 01ක්
  • කහපාට බෙල් පේපර් 01ක්
  • ලොකු ලූණු ගෙඩියක්
  • සොසේජස්, බේකන්, චිකන් හෝ ඔබ කැමති මස් වර්ගයක්
  • චීස් 250g

මෙන්න මෙහෙමයි හදා ගන්නේ…

  • මුලින්ම ඊස්ට් සහ සීනි මඳ රස්නයෙන් යුතු වතුර කෝප්පය කලවම් කර විනාඩි 10-15ක් පමණ පැත්තකින් තියලා පිපෙන්න හරින්න.
  • ඉන් පසු පාන් පිටි වලට ඒ යීස්ට් මිශ්‍රණය, ඔලිව් තෙල්, ලුණු සහ වතුර කලවම් කරමින් හොඳින් අනාගන්න
  • අනා පිටි බෝලයක් සාදා ගන්න.
  • එය පැයක් පමණ පිපෙන්නට හරින්න.
  • ඒ පිටි බෝලය කඩා පොඩි බෝල කිහිපයක් සාදා ගන්න.
  • ඒ බෝල පැත්තකින් තබා පීසා හදාගන්න තැටිය සූදානම් කරගන්න.
  • අවන් එකට දාන්න පුලුවන් තැටියක් ගෙන තැටිය මත ඔලිව් තෙල් තවරා ගන්න.
  • කලින් හදාගත් පොඩි පිටි බෝලයක් අරගෙන තැටිය මත තියලා රොටියක් වගේ තුනී කරගන්න මේ විදිහටම තැටිය මත අනිත් පිටි ගුලි ටිකත් පේලියකට තුනී කරගන්න.
  • මේ මතට තක්කාලි පූරී දමා ගන්න.
  • එය මතට සිහින්ව කපා ගත් බෙල් පෙපර් දමා ගන්න .
  • පසුව එය මතට සොසේජස් හෝ මස් දමා ගන්න. ලූණු දමා අවසානයේ පොඩියට ගා ගත්ත චීස් උඩින් ඉසින්න.
  • මෙය තවත් පැය 1/2ක් තබා ෆැරන්හයිට් 350 (350°F) උෂ්ණත්වයට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න. 

ඔන්න රසවත් මිනි පීසා හදා ගෙන ඉවරයි.. ඡන්ද උණුසුමට මැදි වුණු ගෙදර පීසා රසින් රස වැටේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here