තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට අනූ දෙකක්ම බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
අප්‍රේල් 27 ඉරිදා දිනය විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු සිදුකරන බවයි ඒ මහතා පවසන්නේ.
ලබන මස 6 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.
ඒ අනුව තැපැල් ඡන්ද සහ නිල ඡන්ද පත්‍රිකා යන දෙකම බෙදා හැරිමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ විශේෂ දිනය වන අප්‍රේල් 27 වන ඉරිදා හැකිතරම් නිවාස වල රැදි සිටින ලෙසයි තැපැල්පතිවරයා ඉල්ලා සිටින්නේ.
මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 20 වනදා වන විට අවසන් කර මැතිවරණ කොමිසමට භාරදීමට සුදානමින් සිටින බවයි.
නාම යෝජනා වැඩිම සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වු සහ නඩු වැඩිම සංඛ්‍යාවක් වැටුණු මැතිවරණය මෙය බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ.
මේ අතර මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ එක්දහස් එකසිය දෙනෙකු සදහා නඩු ගොනුකරමින් පවතින බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
Saru FM Media