ඡන්ද කාලේ එන නීති විරෝධී අවුරුදු තෑගි! Sri Lanka Latest News

0
16


පළාත් පාලන මැතිවරණය ළං වෙද්දී ඇතැම් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් අවුරුදු තෑගි ලබා දෙමින් ඡන්දදායකයන් සතුටු කිරීමේ යෙදී සිටින බවට පැෆ්රල් සංවිධානයට තොරතුරු ලැබෙමින් තිබෙන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. Sri Lanka Latest News

ඒ සඳහා ඇතැම් අපේක්ෂකයන්ගේ සහායද ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු සනාථ කරගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරියේදී ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමට හැකිවන බවයි ඔහු සඳහන් කළේ.

2018 පැවැති පළාත් පාලන මැතිවරණයේදී එවැනි ක්‍රියාදාමයක යෙදුණු මොනරාගල පළාත් පාලන අපේක්ෂයකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බවද ඔහු පැවැසීය.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහාද දේශීය නිරීක්ෂකයන් 4000ක් පමණ යෙදවීමට කටයුතු සංවිධාන කර ඇති බවද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

දේශපාලන තෑගි සහ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ලැබෙමින් පවතින පැමිණිලි සියල්ල මැතිවරණ කොමිසමට යොමුකරන බවද ඔහු සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here