ඉන්ධනවලින් නිෂ්පාදනය කරන බලශක්තියට වඩා ජලය, සුළං, සූර්ය බලය ආදිය උපයෝගී කර ගෙන නිෂ්පාදනය කරන පුනර්ජනනීය බල ශක්තිය මිලෙන් අඩු බවත් මැතිවරණ සමයේ මේ පුනර්ජනනීය බල ශක්තිය සදහා මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය අද වන විට ඩීසල් මාෆියාවට, තාප විදුලි බලශක්ති මාෆියාවට යට වී පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් මේ පුනර්ජනනීය බලශක්තියට අමතර රෙගුලාසි හා තහංචි පැනවීම, අනුමැතිය ලබා දීම පමා කිරිම ආදිය කරමින් ඩීසල් විදුලි බලාගාර මාෆියාව රජකරවන්න කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ, දලුවාකොටුව කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.
අප රටේ බහුතර ජනතාව මේ වන විට ඉතා අමාරුවෙන්, අසීරුවෙන් ජිවත් වෙන බවත් හිතන්න බැරි ආකාරයට බඩු මිල වැඩි වී ජීවන බර වැඩි වී ජන ජිවිත විනාශ වී අසහනය පීඩනය එදිනෙදා ජීවත් වීමේ ගැටලුව පවා මතුව තිබෙන බවත් ආහාර සපයා ගැනීම, දූදරුවන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න, හොඳ සෞඛ්‍ය සම්පන්න ජන ජිවිතයක් ගත කිරීම ද බරපතල ගැටලුවක් වී ඇති බවත් බඩු මිල වැඩි වී ජීවන බර වැඩි වුවත් ජනතාවගේ කරපිටින් බලයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ රජයට ජන දුක නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට හාල් මිල, පොල් මිල, අත්‍යාවශ්‍ය ආහාරවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව වැට් බදු ද වැඩි වී ඇති බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති වීම, රැකියා බිහි වනවා වෙනුවට රැකියා නැතිවෙමින් පවතින බවත් රජයට පැහැදිලි කර්මාන්ත ප්‍රතිපත්තියක් පවා නොමැති තත්ත්වයක් උඩ රටේ ජනතාව හාමතේ සිටින බවත් ආදායම් මාර්ග අහිමි වී දුප්පත්කම වැඩි වන බවත් මේ මොහොත වන විට රටේ දුප්පත්කම එන්න එන්න වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජයට බලයට පත්වීමට පෙර විදුලි බිල 33%කින් මෙන්ම තෙල් මිල ද අඩු කරන බව පැවසූ බවත් හොරකම දූෂණය වංචාව නැති කර මේවායේ මිල අඩු කරන බව පැවසුවත් ඒ කිසිවක් සිදු නොවූ බවත් මේ නිසා ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවන් පවා අසරණ වී ඇති බවත් මේ රජයට බඩු මිල පාලනය කරන්න පවා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ආදායම් මාර්ග අඩු වී ඇති මොහොතක අහස උසට බඩු මිල වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

















Saru FM Media