ඡන්ද කාඩ් පත් අසූ පහක් ළඟ තබා ගත් අපේක්ෂකවරියක් අත්අඩංගුවට

0
7


පුත්තලම පොලිස් වසමේ  රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමකදී පළාත් පාලන ඡන්දය සඳහා  පුත්තලම තේරීම් බාර නිලධාරි විසින්  නිකුත් කරන ලද ඡන්ද  කාඩ් පත් අසූ පහක් පමණ සොයාගෙන තිබෙනවා 

අද දින පැය විසි දෙකට පමණ ඡන්ද කාඩ්  පත් සොයාගෙන තිබෙන්නේ සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම  මහා නගර  සභාව සඳහා   තරග වදින සුභසිංහ ආරච්චිලාගේ චාමලී චන්ද්‍රකාන්ති නැමැති ඡන්ද අපේක්ෂකවරියගේ භාරය තිබියදී.

ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබෙනවා.

දැනට සිදු කර ඇති විමර්ශන වලදී අනාවරණය වී  ඇත්තේ  තැපැල් බෙදන පුද්ගලයා ඡන්ද කාඩ් පත් අද දින උදෑසන හෝ දහවල් කාලයේදී මේ තැනැත්තියට ලබාදී ඇති බවයි.

මේ වන විට තැපැල්කරු අතුරුදහන්ව ඇති බවත් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here