තෙල් මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළද බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු පහළ කොදැමීමට එම සංගම් තීරණය කොට තිබේ.Sri Lanka Latest News
රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මෙම අදහස් පළ කළේය.
“බස් ගාස්තු අඩුකිරීමට මේ වෙලාවේ හැකියාවක් නෑ. ජනතාව අවබෝධ කරගත යුතුයි මිල සුත්‍රයේ වසර 20ක් පුරා ඉන්නවා. ඊට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා අපිට මේ වෙලාවේ දී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා රු 12ක් අඩු කරා ඒ කියලා ගාස්තු අඩුකරන්න ඕනේ කියලා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයක් ඇවිත් නෑ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී. මේ මාසයේ බස් ගාස්තු අඩු කරන්න නෛතික හැකියාවක් නෑ.”
මේ අතර රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ, ත්‍රිවිල් ගාස්තුව එක් එක් සංගමයට ප්‍රකාශයට පත්කිරීමට නොදී රජය විසින් එය තීරණය කළ යුතු බවය.
“පෙට්‍රල් මිල අඩුකරා. ත්‍රිවිල් ගාස්තුව ඊට සාපේක්ෂව අඩුවෙන්න ඕනේ නම් කීයක් ද? කියන එක තවදුරටත් අපි කියලා වැඩක් නෑ. අඩුකරන්න පුළුවන්. අඩුකරන්න ඕනේ. හැබැයි ඒක අඩුකරන්න ඕනේ මහපොළොවට යථාර්ථයක් වෙන විදියට. ත්‍රිවිල් ගාස්තුව කීයද කියන එක දැන් නාමිකව රු 100 රු 85 කියලා තියෙනවා. මේකවත් මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිකන් වචනයක් කියලා වැඩක් නෑ. වගකිව යුත්තෝ කර අරින්න එපා ත්‍රිවිල් සංගම්වලට තවදුරටත් ගාස්තුව තීරණය කරන්න හැකියාවක් නෑ. ප්‍රකාශ කළත් වටිනාකමක් නෑ. මාර්ගස්ථන මගී ප්‍රවාහනයෙන් දැන් ගාස්තුවක් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. රටටම ගැලපෙන විදියට බලය තියෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. ආණ්ඩුව දැන්වත් මේ පුනරුද යුගයේ ආණ්ඩුවේ මැදිහත්වීම හරියට කරන්න.”
Saru FM Media