චොකලට් බිස්කට් ගෙදරදී හදමු..

0
9


මේ කාලය අභියෝගයක් බව අප කවුරුත් දන්නවා .ඉතින් දක්ෂ ගෘහණියක ලෙස,කෑම අපතේ නොයවමින් ,විවිධ අත්හදා බැලීම් කරමින් ප්‍රණීත ආහාරයක් සැකසීමට වෙහෙසන ඔබටයි මේ ….

අවශ්‍ය දේවල්

  1. පිටි කෝප්ප එකක්
  2. කොකෝවා පවුඩර් කෝප්ප කාලක්
  3. හොඳින් කුඩුකර ගත් සීනි කෝප්ප භාගයක් බේකින් පවුඩර් මේස හැඳි බාගයක්
  4. බටර් කෝප්ප කාලක්
  5. බිත්තරයක්
  6. වැනිලා මේස හැදි කාලක් ,
  • පිටි චොකලට් පවුඩර් බේකින් පවුඩර්  එකට මිශ්‍ර කර හලා ගන්න.
  • එය හොදින් මිශ්‍ර කර ගන්න.
  • බිත්තරය බීට් කර ගන්න .
  • එයට සීනි එකතු කර හොඳින් සීනි දියවන තුරු  බීට් කරගන්න .
  • බටර් එකතු කර නැවත බීටි කරන්න. #වැනිලා එසන්ස් එකතු කරන්න.
  • දැන් පිටි කොකෝවා මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න.
  • කුඩා ගුළි වලට කඩා ගන්න .
  • ගෑරුප්පුවකින් කිසියම් රටාවක් තබා ගන්න .
  • බේකින් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දමා ඒ මත බිස්කට් තබන්න .
  • දැන් සෙල්සියස් අංශක 180° උෂ්ණත්වයක විනාඩි 25ක් පමණ බේක් කරගන්න .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here