චෙම්මනි මිනී වලේ කැණීම් සදහා මිලියන 2 ක්

0
1

යාපනයේ චෙම්මනි සිත්තුපාත්තී සුසාන භූමිය අසල පිහිටි සමූහ මිනී වලේ මීළග අදියරයේ කැණීම් කටයුතු සදහා රුපියල් මිලියන 2 ක මුදලක් අධිකරණ අමාත්‍යංශය විසින් ලබා දී තිබේ.

සමූහ මිනී වලේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පැවති නඩු විභාගයේදී මෙම මුදල ලැබී ඇති බව අනාවරණය විණි.

මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු මුදල් නොමැතිකම හේතුවෙන් 2025 සැප්තැම්බර් මස 26 වෙනිදා තාවකාලිකව අත්හිට වූ අතර ඒ වන විට එම සමූහ මිනී වලෙන් මිනිස් ඇටසැකිලි 241 ක් හමු වී තිබුණි.

මුදල් ප්‍රතිපාදන ලැබුණු බව දැණුම් දීමෙන් පසුව යාපනය දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා වර්ෂාව ගැන සලකා බලා යළි එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්හ කරණ ලෙස අදාල පාර්ශ්ව වලට උපදෙස් දුන් අතර මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩුව 2025 නොවැම්බර් 3 වන දින යළි විභාගයට ගන්නා බව ප්‍රකාශ කළේය.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බලන සංගමය විසින් චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here