චෙන්නායි නායකත්වයට යළිත් දෝනි

0
10


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයට මහේන්ද්‍ර සිං දෝනි යළිත් පත්කර තිබෙනවා.

ඒ, චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දැරූ රුතුරාජ් ගයික්වාඩ්ට වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟයි.

මේ සමඟ මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී ඉදිරි තරග සඳහා චෙන්නායි කණ්ඩායම දෝනි විසින් මෙහෙයවනු ඇති.

මෙවර තරගාවලියේ දී මේ වනවිට තරග පහකට ක්‍රීඩා කර ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග හතරක් පරාජය වී එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම 04 සඳහා චෙන්නායි කණ්ඩායම රැගෙන යාමට දෝනිට ඉදිරි තරගවල දී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here