චීන ළඳුන්ගේ සුන්දරත්වයේ රහස්

0
3

චීන කාන්තාවන් ඔවුන්ගේ කැළැල් වලින් තොර පෝසිලේන් සම, දිගු ශරීර ව්‍යුහය සහ සුන්දර කේශ කළාපය සඳහා සුප්‍රසිද්ධය. මෙසේ රුව රැක ගැනුමට ඔවුන් බොහෝ වත්පිළිවෙත් සහ පිළියම් භාවිතා කරති. මේ එවැනි චීන ළඳුන්ගේ රුව රකින පිළියම් කිහිපයක් –

  1. සමේ තරුණ බව රැක ගැනීමට චීන ළඳුන් විශ්වාසය තබන්නේ pearl powder කෙරෙහිය. මී පැණි සහ බිත්තර කහ මදය සමග බෙල්ලන් ඔයිස්ටර් (oyster shell) පවුඩර් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් සමෙහි ඇතිවන ආසාදන අඩු කර සම රැකදෙයි.
  2. හරිත තේ (green tea) චීන ජනතාවගේ ජීවින චර්යාවෙහි අනිවාර්ය අංගයකි. ප්‍රති-ඔක්සිකාරක සහ වයස්ගතවීම- අඩුකරවන ගුණ අඩංගු හරිත තේ බර අඩු කර ගැනීමට ද උපකාරී වේ.
  3. චීන කාන්තාවන් ඔවුන්ගේ අද්විතීය හා දිදුලන සම සඳහා ප්‍රසිද්ධය. මේ සඳහා ඔවුන් ඖෂධ පැළෑටි භාවිතා කරති. මින්චි කොළ තලපයක් ලෙස සකසා භාවිතා කිරීම ජනප්‍රිය පිළියමකි.
  4. චීන කාන්තාවන් සමේ පැහැය වැඩි දියුණු කිරීමට සහල් ජලය භාවිතා කරයි. නිවුඩ්ඩ සහිත සහල් ජලය භාජනයකට දමා එහි ඇති ජලය සුදු පැහැයක් ගන්නා තබන්න. එම ජලය ශීතකරණයක් තුළ ගබඩා කර ටෝනර් ලෙස භාවිතා කරන්න.
  5. චීන ළඳුන්ගේ මුහුණේ සම සුසිනිඳුය. මෙසේ මුහුණේ රැළි නොමැතිව සුමුදුව තබා ගැනීමට බිත්තර සුදු මද යොදා ගැනේ. බිත්තර සුදු මද මුහුණේ ආලේප කර එය වියළීමට ඉඩ දෙන්න. විනාඩි 20 කින් පසු සිසිල් ජලය භාවිතයෙන් එය ඉවත් කරන්න.

චීන කාන්තාවන් මෙවැනි වත්පිළිවෙත් සහ පිළියම් ජීවිතයේ කොටසක් බවට පත්ඔබටත් මෙවන් පිළියම් ඇසුරෙන් ඔබේ රුව වඩ වඩාත් සුන්දර කර ගත හැක.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here