චීන සමාගම් බදු සහන ඉල්ලා ජනාධිපතිට එව්ව ලියුමක පසුපස කතාව! වියට්නාමේ ඉඳන් ජනාධිපති ආපු ජෙට් එක සහ කොම්පැනියක් ගැන පාඨලීගෙන් තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

0
2


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිරත වූ චීන සංචාරයේදී වියදම් දරන ලද සමාගම් විසින් මෙරට ආයෝජනය කිරීම සඳහා බදු සහන ඉල්ලා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

නමුත් එම ආයෝජන සමාගම්වලට බදු සහන දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ප්‍රමාද වීමට එයද ප්‍රබල හේතුවක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෑතකදී වියට්නාමයට ගොස් මෙරටට පුද්ගලික ජෙට් යානාවකින් පැමිණි බවත් ඒ සඳහා ලබාදෙන බදු සහනය කුමක්දැයි ඉදිරියේදී ජනතාවට තේරුම් ගැනීමට හැකිවනු ඇති බවත් හෙතෙම කියා සිටී.

රාජ තාන්ති‍්‍රක ගමන් වලදී රාජ්‍ය නායකයන්ට විවිධ පුද්ගලයන් විවිධ සමාගම් උදව් කරන්නේ නොමිලේ නොවන බවත් ඒ සඳහා ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි පිරිවැයක් ඉදිරියේදී ගෙවීමට සිදුවන බවත් හෙතෙම පවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here