අන්තර්ජාලය හරහා වංචනික ලෙස මුදල් ජාවාරමේ යෙදුන චින සහ වියට්නාම් ජාතිකයින් පිරිසක් පෝද්දල පොලිස් වසමේ ගොඩකන්ද ප්‍රදේශයේ නිවසක දී ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
දාහත් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සිටින බව පැවසේ.
මෙම සැකකාර විදේශිකයින් සන්තකයේ තිබි පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකතන 84ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් කුලී පදනම මත ගත් විලා එකක් තුළ මේ ඡාවාරම සිදුකර තිබේ.
බූස්ස යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ගාල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ද සමග මෙම වැටලිම සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පෝද්දල පොලිසියට බාරදි ඇත.
Saru News
















