වසන්ත උත්සවය හෙවත් චීන අලුත් අවුරුද්ද චීන ජනතාවට වඩාත්ම වැදගත් සාම්ප්‍රදායික සැමරුමකි.
මිලියන සිය ගණනක් චීන නිවාසවල මේ අලුත් අවුරුදු සැමරුම සිදුකෙරෙන අතර ඒ සැමරුම් බොහෝ විචිත්‍රවත් අංගවලින් සමන්විත වේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර චීන තානාපති කාර්යාලයද පසුගියදා චීන අලුත් අවුරුද්ද සැමරීමට එක්ව තිබිණි.
එහිදී අලුත් අවුරුද්ද පිළිබඳව වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කිරීමට කටයුතු යෙදුණු අතර බොහෝ පිරිසක් එය නිවෙස්වල සිට නරඹනු ලැබූ බවද වාර්තා වී ඇත.
පෙබරවාරි 16 වන දින අලුත් අවුරුදු උදාවේදී එහි සැමරුම් ලොව පුරා විකාශය කිරීමටත් කටයුතු යොදා ඇති බවද පැවසේ.
තානාපති කාර්යාලයේ පැවති මේ උත්සවයට ඉන්දීය රජයේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය තාන්ත්‍රිකයන්, මාධ්‍ය සහ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සිසුන් ඇතුළු දේශීය චීන ප්‍රජාවෙන්ද සමන්විතවූ 600ක් පමණ දෙනා සහභාගී වී ඇත.
මේ උත්සවය චීනයේ වසන්ත උත්සව සංස්කෘතිය ව්‍යප්ත කිරීමට, චීනය සහ ඉන්දියාව අතර සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ චීනයේ සංස්කෘතික විවිධත්වය ලොවට පෙන්වීමට උපකාරී වනු ඇති බවද වාර්තා වේ.
දෙරට අතර සංස්කෘතික හුවමාරුවේ ඇති වැදගත්කම ගැන අදහස් දැක්වූ ඉන්දීය චීන ආර්ථික හා සංස්කෘතික කවුන්සිලයේ මහලේකම් මොහොමඩ් සකීබ් පවසා ඇත්තේ දීපවාලී උත්සවය සියලුම චීන ජාතිකයන් විසින් හඳුනාගෙන ඇති අන්දමින්ම සෑම ඉන්දියානුවෙක්ම චීන වසන්ත උත්සවයද හඳුනාගනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
Saru News










