රෂිකා හෙන්නායක අප්‍රේල් 04 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනය විසින්, අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත 34%ක අතිරේක තීරු බද්දක් පනවන බව, අද ප්‍රකාශයට පත් කළ අතර, ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය වෙළඳ යුද්ධයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
චීනය පවසා ඇත්තේ, ඒ අනුව අප්‍රේල් මස 10 වනදා සිට අමෙරිකානු ආනයන මත සියයට 34ක අමතර තීරු බද්ද ක්‍රියාත්මක කරන බවයි. අමෙරිකානු ජනාධිපතිවරයා ලොව රටවල් රැසක භාණ්ඩ සඳහා පැනවූ තිරු බදු හේතුවෙන් රටවල් රැසක කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ සිට පහත වැටුණී.
අමෙරිකාවේ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශක තුනම අද දිනයේදී දැඩි කඩාවැටීමකට ලක්ව තිබුණේ 2020 වසරේ කොවිඩ් වසංගතයෙන් පසු එරට කොටස් වෙළඳපොළේ ඇතිවූ දරුණුතම පසුබෑම වාර්තා කරමිනි. මේ පිළිබඳ අමෙරිකානු බලධාරීන් පවසා සිටියේ කොටස් වෙළඳපොළ කඩා වැටීම තාවකාලික තත්ත්වයක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.
Saru FM Media