ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තිය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ යුද්ධයකට මුලපුරා ඇති චීනය, ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 125% දක්වා ඉහළ දමා තිබෙනවා.
එක්සත් ජනපදය විසින් චීන භාණ්ඩ සඳහාවන තීරු බදු 145%ක් දක්වා ඉහළ දැමීමට ප්‍රතිචාර ලෙස චීනය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එක්සත් ජනපද ආනයන සඳහා නව 125% ක තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මක කරන බවයි චීනය පවසන්නේ.
ඇමරිකාව විසින් පනවන ලද අසාමාන්‍ය ලෙස ඉහළ තීරු බද්ද, ජාත්‍යන්තර හා ආර්ථික වෙළඳ නීති, මූලික ආර්ථික නීති සහ සාමාන්‍ය බුද්ධිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි චීනය වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර එක්සත් ජනපදයේ මෙම හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීනය සමඟ එක්වන ලෙසයි ජනාධිපති ෂී ජින් පිං, යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇත්තේ.
Saru FM Media