චීනයේ ගිනිකොන දිග ප්‍රදේශයේ දී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් ලක්වීමෙන් පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් තවත් 70 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
Qianxi නගරයේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවේ පුද්ගලයින් 84 දෙනෙකෙු ගමන් කර ඇතැයි ෂිංහුවා වාර්තා කළා.
මැයි දිනය වෙනුවෙන් වූ දින පහක නිවාඩුව අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට පත් වූවන් මුදා ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං උපදෙස් ලබා දී ඇතැයි ෂිංහුවා වාර්තා කරනවා.
Saru FM Media