චීනයේ ‘ද්විත්ව සැසිය’ අදින් නිමයි (ඡායා)

0
2

වසර 2026 සඳහා වූ  “ද්විත්ව සැසි” අද (12) දිනයේදී සමාප්ත වේ.

සෑම වසරකම චීනයේ පැවැත්වෙන වැදගත්ම දේශපාලන සිදුවීම ලෙස සැලකෙන්නේ මෙම “ද්විත්ව සැසි” (Two Sessions) ය.  මෙහි ප්‍රධානතම අංග දෙක වන්නේ චීනයේ ප්‍රධානතම ව්‍යවස්ථාදායක සභාව ලෙස සැලකෙන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) හා එරට ප්‍රධානතම දේශපාලන උපදේශක ව්‍යුහය වන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ (CPPCC) සැසිවාරයන් ය.

ඒ අනුව, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ (CPPCC) 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය ඊයේ (11) නිමාවට පත් විය.

බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණු මෙහි සමාප්ති සම්මේලනයට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් එක්විය.

CPPCC ජාතික කමිටුවේ ස්ථාවර කොමිසමේ කාරක වාර්තාව පිළිබඳ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරයේ තීරණය එහිදී සම්මත කෙරුණු අතර, CPPCC 14වැනි ජාතික කමිටුවේ තුන් වැනි සැසිවාරයේ සිට ඉදිරිපත් කෙරුණු යෝජනා විසඳීමේ කාරක වාර්තාව පිළිබඳ සිව්වැනි සැසිවාරයේ තීරණයද සම්මත විය.

එහිදී සම්මත වූ තවත් වාර්තාවක් වන්නේ සිව්වැනි සැසිවාරයේ යෝජනා පිළිබඳ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටු‍වේ යෝජනා කමිටුවේ සමාලෝචන වාර්තාවයි. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ සිව්වැනි සැසිවාරයේ දේශපාලන යෝජනාව  ද එම සමාප්ති සම්මේලනයේදී අනුමත කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ CPPCC සභාපති වාං හූනින් මහතා පවසා සිටියේ මේ වසරේ ඇරඹීමට නියමිත චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්මට හොඳ ආරම්භයක් ලබාදීමට CPPCCය ට වඩා වැදගත් භූමිකාවක් ලබාදීමට අවශ්‍ය බවයි.

ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයින් එහි සමාරම්භක හා සමාප්ති සම්මේලනයන්ට සහභාගි වෙමින් මහජන දේශපාලන උපදේශක සභාවේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවලට සහභාගී වූ අතර ඔවුන් සමඟ රටේහි සියලු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) තෙවැනි සැසිවාරයද අද දිනයේදී නිමා වීමට නියමිතය.

(ඡායා හා වාර්තාව : ශානිකා ජයසේකර බෙයිජිං සිට)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here