චීනයේ ආසියානු තරුණ කඳවුර නිමාවට පත්වෙයි… – Saru News | සිංහල

0
2

දකුණු ආසියානු රටවල තරුණ තරුණියන් වෙනුවෙන් චීනය විසින් පසුගිය 05 වෙනි දින සිට 13 වෙනි දින දක්වා තරුණ නායකත්ව පුහුණු කඳවුරක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජවාදී තරුණ සංගමයේ පිරිසක්ද ඊට සහභාගී වී තිබේ.

මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානිකා ගමගේ සහ ජාතික ජනබලවේගයේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත බණ්ඩාරද ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

එම නායකත්ව පුහුණු කඳවුරේදී රටවල් අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින්, තරුණ නායකත්වය ගොඩනගමින්, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය සඳහා නව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවී තිබේ.

ඊට අමතරව නායකත්වය ශ‍ෛලීන් අධ්‍යනය, සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යනය කර ගැනීමට අවස්ථාව සැලසී ඇති අතර චීනයේ නවීන නගර සංවර්ධනය, පළාත් පාලන පද්ධති සහ සංවර්ධන ආදර්ශයන් පිළිබඳ අධ්‍යයනය කිරීමටද අවස්ථාව ලැබී තිබේ.