චීනයෙන් ආර්ථිකය ගොඩදාන්න අලුත් පියවර 48ක්

0
8


අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදුවලට මුහුණ දීම සඳහා චීනය නව පියවර 48ක් හඳුන්වා දී තිබෙනවා. 

ඒ, චීනයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණින්. 

සංචාරක දුම්රියන් සහ ස්කයි ඩයිවින් ක්ෂේත්‍ර ඒ අතරින් ප්‍රමුඛ වනවා. 

ඒ අනුව සේවා පුළුල් කිරීම, ප්‍රවර්ධනය කිරීම, විවිධ පාරිභෝජන අවශ්‍යතා නවීකරණය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදු හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා. 

මේ වසරේ පළමු කාර්තුවේදී චීනය, සියයට 5යි දශම 4ක ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇති බවටයි මත පළවී තිබුණේ. 

එම පුරෝකථනයන් සිදු කර තිබුණේ ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයට සියයට 145ක තීරුබදු පැනවීමට පෙරයි. 

නව තත්ත්වය හමුවේ චීන ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවට මේ වන විට අනතුරු ඇඟවීම් සිදු වෙමින් පවතිනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here