චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා ජනාධිපතිවරයා චීනය වෙත පනවා තිබූ නව තීරු බදුවලට එරෙහිව චීනය විසින් අමෙරිකාවට ද නව තීරු බදු පනවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී චීන භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් 34%ක නව තීරු බදු පැනවීමට ගත් පියවරට ප්‍රතිඋත්තර ලෙස අමෙරිකානු භාණ්ඩ සඳහා ද චීනය 34%ක බද්දක් පැනවීමට පියවර ගත්තා.
ඊට විරෝධය පළ කරමින් අමෙරිකා ජනාධිපතිවරයා පසුගිය 07 වනදා ප්‍රකාශ කළේ අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු ඉවත් කිරීමට චීනය කටයුතු නොකළ හොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක අමතර බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවයි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවයි චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කළේ.
එවන් පසුබිමක් තුළයි අමෙරිකාව චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට කටයුතු කර ඇත්තේ.
Saru FM Media