චිලී රාජ්‍යයේ අධිවේගී මාර්ගයක ගෑස් ප්‍රවාහන ට්‍රක් රථයක් අනතුරට

0
13

චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ අගනුවර අධිවේගී මාර්ගයක ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් අනතුරට ලක්ව පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ට්‍රක් රථය අධිවේගී මාර්ගයේ පෙරලීයාමෙන් මෙලෙස පුපුරාගොස් ඇති අතර, එහිදී තවත් පුද්ගලයන් 17දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහි රියදුරුට රථය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරුද මියගොස් ඇති බව සඳහන්.

ට්‍රක් රථය පුපුරායාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළ රථවාහන 50කට පමණ හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here