ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
චිත්‍රකථා ක්ෂේත්‍රයේ ‘මාස්ටර්’ ලෙස ප්‍රකටව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට අසූ පස් වැනි වියේ පසු විය.
චිත්‍ර කථා මතු නොව කාටූන්, දේශපාලන කාටූන්, පෝස්ටර් හා පොත් කවර කලාව ද දිග්විජය කළ ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා යුනිසෙෆ් ආයතනයේ ප්‍රචාරක කටයුතුවලට පෝස්ටරයෙන් ලබා දුන්නේ වෙනම ම ආකර්ෂණයකි.
චිත්‍රකථා පොත් වශයෙන් ද නිකුත් කළ ඒ මහතා වසර ගණනක් මුද්දරවලට ද චිත්‍ර ඇන්දේ ය.
විශ්ව සාහිත්‍යය මෙන් ම ලංකාවේ සාහිත්‍යය ද චිත්‍ර කථාවට නැගූ මේ මහා සිත්තරා ඒ ආශ්‍රිතව චිත්‍රකථා පොත් රැසක් පාඨක සහෘදයන්ට දායාද කළේය. මෙරට විහාර සිතුවම් කලාවට ද නවනැම්මක් එක් කළ ඒ මහතාගේ තෙලිතුඩින් නිමැවුණු විහාර සිතුවම් රැසකි.
හෙතෙම චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව ලේඛකයෙක් ද විය.
චිත්‍රකර්මය, බුදු දහම, ජ්‍යෝතිෂය සම්බන්ධයෙන් ලිපි රැසක් රචනා කරමින් දැනුම් සම්භාරයක් සමාජයට දායාද කළේය.
බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අඩ සිය වසක පමණ කාලයක් පුවත්පත් ක්ෂේත්‍රයට ද දායකත්වය ලබා දී තිබේ.
ලේක්හවුස්, මල්ටිෆැක්ස්, කැමිලස් ප්‍රකාශන හා සුමති යන ආයතනවල ඒ මහතා සේවය කළේය.
ඒ මහතාගේ දේහය පානදුර, අඵබෝමුල්ල, වලව්වත්තේ අංක 14ඩී නිවසේ තැන්පත් කර ඇත.
අවසාන කටයුතු අද (02) පස්වරු 4.30ට බණ්ඩාරගම සුසාන භුමියේ දී සිදු කෙරේ.
Saru News










