චිකන් කළුපොල් කරි එකක් හදන්නේ මෙහෙමයි.

0
16


හැමදාම හදන චිකන් කරිය කළුපොල් මාළුවක් වගේ වෙනස් රසයකට හදලා බලමු ද?? මේ ඒ රෙසිපි එක.

අවශ්‍ය දේවල්

  • චිකන්
  • ගොරකා
  • ලුණු ටිකක්
  • කහ ටිකක්
  • ඉගුරු
  • සුදු ළූනු
  • එනසහල්
  • කරාබු නැටි
  • ලොකු ළූණු
  • මිරිස් කුඩු සහ තුනපහ කුඩු
  • ගම්මිරිස්
  • හාල් ටිකක්
  • පොල් ටිකක්
  • කුරුදු පොතු
  • උලුහාල් ටිකක්
  • රම්ප, කරපිංචා සහ සේර
  • මිටි කිරි ටිකක්
  • කලු කුඩු

සාදාගන්නා ආකාරය:

චිකන් සෝදා කෑලි කපා ගන්න.
එයට ගොරකා බික් තුන හතරක්, ලුණු ටිකක්, කහ ටිකක් දමා තම්බා වතුර ඉවත් කරන්න.
ඉගුරු, සුදු ළූනු, එනසහල්, කරාබු නැටි තලා ගන්න.
ළූණු සිහින්ව ලියාගන්න.
මිරිස් සහ තුනපහ කුඩු බැද ගන්න.
මිටි කිරි සකසා පසෙකින් තබා ගන්න
ගොරකා හොඳින් තම්බා ගම්මිරිස් සමඟ පේස්ට් එකක් වන සේ සකසා චිකන්වල තවරාගන්න.
හාල් සහ පොල් කබලේ බැද අඹරා ගන්න.
තෙල් ලිප තබා රත් වෙන කොට ඉඟුරු,සුදු ළූණු,එනසාල්, ළූණු,රම්පේ කරපිංචා සහ සේර එකතු කර තෙම්පරාදු කරන්න.
හාල්පොල් මිශ්‍රණයද එකතු කරන්න.
බැදගත් මිරිස්,තුන පහ සහ කුරුඳු ද උළුහාල් ද එකතු කරන්න.
චිකන් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
වතුර ටිකක් ද දමා ගන්න.
තැම්බෙනවිට මිටි කිරි එකතු කරන්න
කළු කුඩු එකතු කර ලිපෙන් බාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here