අමෙරිකාවේ යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදී පසුගිය බදාදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණ දේශපාලන ක්‍රියාකාරී චාලි කර්ක්ගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කර්ක්ට වෙඩි තැබීමෙන් පසු සැකකරු පළායන දර්ශන පෙළක් මාධ්‍යයට නිකුත් කරමින් FBI සංවිධානය මීට පෙරදී සඳහන් කර සිටියේ සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් සඳහා ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.
මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලය ද එරට පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
31 හැවිරිදි චාලි කර්ක්, යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් සඳහා එක්ව සිටියදී ඔහුගේ ගෙල ආසන්නයට මෙම සාහසික වෙඩි ප්‍රහාරය එල්ල විය.
Saru FM Media