
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අද (මැයි 17 වන දින) පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට නියෝග කර තිබේ. අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පළකර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.
විශේෂයෙන්ම වෙසක් මාසය තුළ බෞද්ධයින් අන්‍යාගමීකරණයට ලක් කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු මෙම වැඩසටහන සංවිධානය කිරීමට යෑම සම්බන්ධයෙන්
විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය හමුවේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ වැඩසටහන නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මහනුවර මල්වතු විහාරයේ අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මාහිමිපාණන් වහන්සේ විසින් පවා 2025 අප්‍රේල් 15 දිනැති ලිපියක් මගින් මෙම යෝජිත වැඩසටහන අවලංගු කරන ලෙසත්, අනාගතයේදී මෙවැනි සමාජ ආන්දෝලනයට තුඩු දෙන වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකෙන ලෙසත් දන්වා ඇත.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක මහතා විසින් අත්සන් කර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්,
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, කුරුණෑගල වෙත යොමු කර ඇති ලිපියේ මෙම නිවේදනය සඳහන් වේ.
මෙම වැඩසටහන සිදු කිරීමේදී යම්කිසි සමාජ කලහකාරී සිදුවීම් ඇති වීමට ඉඩ ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද එහි සඳහන් වේ. මේ අනුව, පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත චාල්ස් තෝමස් සහෝදරතුමාගේ වැඩසටහන නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සියලු අදාළ පාර්ශවයන්ට දැනුම් දී තිබේ.
මෙම ලිපියේ පිටපතක් පාදෙණිය පුරාණ විහාරයේ පූජ්‍ය කුඹුක වැවේ බුද්ධි විසිද්ධි හිමි වෙත ද යොමු කර ඇති බව සඳහන් වේ.

Saru FM Media