ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ සිදුකර ඇති දූෂිත ගනුදෙනු 03ක් සම්බන්ධයෙන් අද (27) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම ඔහුට එල්ලවී ඇති චෝදනා 03න් දෙදෙකට ඇප හිමිව තිබේ.
ඒ අනුව සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටද නියෝග කර ඇත.
එමෙන්ම ඇප ලබාදීමේදී රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 02ක් ලබා ගැනීමටද නියෝග කර තිබේ.
Saru FM Media