ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ සිදුකර ඇති දූෂිත ගනුදෙනු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනා ගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (01) නියෝග කර තිබේ.
රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායකගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම. තවත් රාජ්‍ය බැංකුවතකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන ඇමති ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීම. තවත් රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පළාත් සභාව පවත්වාගෙන ගිය සියළුම ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23ක පාඩුවක් රජයට සිදු කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල් වී ඇත.
උක්ත චෝදනා තුනෙන් දෙකකට පසුගිය 27 වනදා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට යටත්ව රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත ඇප නියම වූ අතර තෙතෙවෙනි චෝදනාවට අදාළව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
Saru FM Media