ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ සිදුකර ඇති දූෂිත ගනුදෙනු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තවදුරටත් රක්ෂිත බන්ධනා ගාර ගත කිරිමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (05) යළි නියෝග කර තිබේ.
ඒ ඔහු අද එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඒ අනුව ඔහු මැයි 19 දක්වා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරින්ට මහේස්ත්‍රාත් නියෝග කර ඇත.
Saru FM Media