පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ව ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබියදී, ඔහු ව අත් අඩංගුවට ගෙන ඇති බවට දැක්වෙන ප්‍රවෘත්ති සමාජය තුළ අත්අඩංගුවට ගැනීමට පූර්වයෙන් ප්‍රචාරය වීම බරපතළ ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, යම් කිසි කෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු අත් අඩංගුවට ගැනීමක් නොවන බවයි.
එය සිදු වූයේ කෙසේ දැයි යන්න සෙවීමට පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් චාමර සම්පත් දසනායක මහතා විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.
එලෙස රහසිගත කරුණු නීතිය ක්‍රියාත්මක වීමටත් පෙර සමාජගත කිරීමෙන් මන්ත්‍රී දසනායකගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
Saru FM Media