චරිතලාගේ ඩලස්ලාගේ මූණ බලාගෙනම, වාසු මාලිමාවේ ආණ්ඩුව ගැන කියපු කතාව… – Saru News | සිංහල

0
2

තමන් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව සුභවාදීව සිතන බවත් හිටපු ඇමති නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

ඔහු මේ බව ඊයේ (03) කොළඹදී පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිණි. මෙම වැඩසටහන සඳහා හිටපු ඇමතිවරු වන චර්ත හේරත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

ප්‍රශ්නය – වත්මන් දේශපාලන තත්වය ගැන මොකද හිතෙන්නේ.

පිළිතුර – බලාපොරොත්තු සහගතයි. ජාතිවාදය ඇති නොවෙන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න හිතාගත්තු සිතුවිල්; ඒක ආරම්භයක්. රට එක්සත් කරන්න පුළුවන පසුබිමක් මේ ආණ්ඩුවෙ තියෙනවා කියලා මට පේනවා. ඒක කරන්න දැනටමත් ඒගොල්ලන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව ක්‍රියාකරලත් තියෙනවා.

දැන් අපේ ජනාධිපතිතුමා සිංහලයෙක් වීම ඒකට බාධාවක් නෙවෙයි. එතුමා සිංහලයෙක් කියන වර්ගයට අයිති වුනත් එතුමා පැහැදිලිව කියලා තියෙනවා ජාතිවාදීව අපි මොකක්වත් ගැන කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. දැන් එතුමාගේ ඒ ප්‍රකාශය ක්‍රියාවට නැගීමට තියෙන ඉඩකඩයි බලන්න ඕනා. මොකද ඒකට විරුද්ධ කණ්ඩායම් ඉන්නවනේ, ඒගොල්ලො කොයිතරම් දුරට මේ ප්‍රශ්නය අවුල් කරාවිද එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කොයිතරම් දුරට මේ අදහස නොදරණ අය කොච්චර මේ වැඩේට ඉඩ දෙයිද? අවුල් කරයිද?

මම හිතන්නේ අපි ආපු දුර හොඳටම ඇති. දැන් ඉතිං මේ වෙහෙස වී මහන්සි වී අපිට ලැබුණ අලුත් තත්වය, අලුතෙන් බලයට පැමිණි අය සහ ඒ අයගේ පසු තලය, ඒ ගොල්ලන්ගේ මතවාදය, ඒ ගොල්ලන් එන්නා වූ පසුබිම් මේ ඔක්කොම ගත්තාම අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

ප්‍රශ්නය – ජනාධිපතුතුමාට සැලියුට් එකක්?  

පිළිතුර – ජනාධිපතුතුමා ඇතුළු ඒ කණ්ඩායමට. අඩුපාඩු පැත්ත පැත්තකින් තියමු. සාධනීය පැත්ත උඩට ගණිහමු. සුභවාදීව හිතනවා. මේ ආණ්ඩුව වෙනස්නේ අනික් ආපු ඔක්කොම ආණ්ඩුවලට වඩා. ඉතිං මේ වෙනස අපි සාධනීය වෙනසකට ගෙනියන්න බලමු.  

ප්‍රශ්නය – මොකක්ද ඒ වෙනස?

පිළිතුර – අමේ ආණ්ඩුව ආවේ ගැමි පහළ මධ්‍යම පන්තියෙන්, ප්‍රභූ පන්තියෙන් නෙවෙයි. ඒක තමයි ලොකුම වෙනස.

ප්‍රශ්නය – දැන් ශිරන්ති මැඩම්වයි නාමල් බේබිවයි CID එකට ගෙන්නලා තියෙනවා. ඔවුන් ඔබතුමාගේ හිතවත්තු.

පිළිතුර – ඔවු හිතවත්තු තමයි පුද්ගලිකව. නමුත් පිළිතුරු දියයුතු ප්‍රශ්න ඉදිරිපත් කරපුවාම ඒ ගොල්ලන්ට මගඇරලා යන්න බැරිවෙයි. නමුත් ඉතිං CID එකට කරන්න තියෙන වැඩේ මට මෙතන කරන්න බැහැනේ.

ප්‍රශ්නය – ඔබතුමා වැඩි හිතවත්කමක් දැක්වූවේ රාජපක්ෂ මහත්තයලගේ ආණ්ඩුත් එක්ක. දැන් ඔබතුමා මේ ආණ්ඩුව ගැන….

පිළිතුර – මම හෙම් ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මෙහෙම ආණ්ඩුවක් එයි කියලා අපි ඒ වෙලාවේ හිතුවේ නැහැනේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here