චමුදිත කුඩු පාතාලය අවුස්සයි! හෙළිදරව්වෙන් පසු දිගට හරහට ගේම්! VIDEO I Sri Lanka Latest News

0
20


පසු ගිය දින වල පාතාලය විසින් දකුණු පලාත උණුසුම් කරමින් සිදුවීම් කිහිපයක්ම සිදු වුණේ ජනතාව භීතියට පත් කරමින්.Sri Lanka Latest News

ඒ අතර ප්‍රධාන සිදුවීමක් ලෙස දෙවුන්දර දේවාලය අසලදී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීම මුළු රටම සලිත කරන සිදුවීමක් බවට පත්වුණා.

එම තරුණයින් ඝාතනය පිටුපස දෙවුන්දර ප්‍රදේශයේම ජීවත් වන පවුලක් පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක් වුණා.

එම ඝාතනය සිදුවීමට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග තරුණියක් විසින් සිදු කළ විශේෂ වැඩ සටහනකදී දෙවුන්දර ප්‍රදේශයේ සිදුවන පාතාල සිදුවීම් ගැන තොරතුරු රැසක් අනාවරණය කෙරිණි.

එම අනාවරණයෙන් පසුව එම තරුණියගේ සහෝදරයෙකු සහ ඔහු සමග යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කෙරුණේ මුළු දෙවුන්දරම භීතියට පත් කරමින් ය.

කෙසේවෙතත් මෙම ඝාතනයෙන් පසු ඊට සම්බන්ධ පුද්ගලයින් ලෙසට චෝදනා එල්ල වූයේ දෙහිගෙදර බාලේ නම් පුද්ගලයෙකු ඇතුළු ඔහුගේ ඥාතීන් පිරිසකටයි.

ටෘෘත් විත් චමුදිත නම් යූටියුබ් නාලිකාවේ පැවති වැඩසටහනකදී අදාල තරුණිය විසින් සිදු කළ විශේෂ අනාවරණයකදී දෙවුන්දර සහ ගන්දර ප්‍රදේශයට මහා පරිමාණයෙන් බෝට්ටු 40ක් මගින් එක් බෝට්ටුවකින් කුඩු කිලෝ 300 බැගින් කිලෝ දහස් ගණනක් මෙරටට ගෙන එන බව අනාවරණය කෙරිණි.

මෙම වැඩසටහනේදී අදාල තරුණිය විසින් සිදු කළ මෙම ආන්දෝලනාත්මක අනාවරණයෙන් අනතුරුව, පසුගියදා තංගල්ල ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් කිලෝ 100කට වඩා වැඩි ප්‍රමාණයක් විශේෂ වැටලීමකදී අල්ලා ගන්නා ලදි.

මෙවන් වටපිටාවක දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් මෙහෙයුමක් සිදු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් ආරක්ෂ අංශ වලට දැනටමත් නියෝග කර ඇත.

චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති වැඩසටහන් හරහා මෙරට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයින් සහ ගෙන එන මාර්ග ගැන තොරතුරු රැසක් විවිධ පුද්ගලයින් විසින් මේ වන විට අනාවරණය කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here