චමරි සහ දසුන්ගේ අද දවස

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 25, කොළඹ LNW:

අද ලෝක කුසලාන තරගාවලියේ අවසාන පූර්ව වටය ගැන ඇති සිහිනව සැබෑ කර ගන්නටනම් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය පරාජය කළ යුතුය.කොදෙව් – ශ්‍රී ලංකා පන්දු ඕවර් 50 තරගාවලියේ මේ වන විටත් 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකාව අද තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට නැවතත් කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ජය ගැපිය යුතුය.ඒ සඳහා ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ චමරි අතපත්තුටය.

දසුන්ගේ මෑත කාලීන නායකත්ව ලක්ෂණ සහ චමරිගේ නායකත්ව ලක්ෂණ පිළිබඳව විමසා බලහද්දී චමරි හැම විටම වඩාත් විශ්වසනීය කෙනා තමන් බවට පත්වෙමින් අභියෝගවලට කණ්ඩායම වෙනුවෙන් මුහුණ දීමට ඉදිරිපත්වීමේ ගුණයෙන් ඉදරියෙන් සිටින්නේය.දසුන් වඩා සුව පහසු මොහොතක පිතිකරණ අනු පිළිවෙල කඩා බිඳ පෙරමුණට ආවත් පීඩකය වැඩි වෙන්න වැඩි වෙන් පස්සට යන ස්වභාවයක් දකින්නට ඇත.තීරණාත්මක මොහොතකදී තමන්ව විශ්වාස කර අවසාන පන්දු ඕවරය යැවීම පවරා ගැනීමට දැන් දසුන් මැලිකමක් දක්වන්නේය.සමහර විට ඒ සමාජ මාධ්‍ය මඟින් කරන අසීමිත විනාශකාරි විවේචන නිසා ද වන්නට ඉඩ ඇත.එහෙත් ජාතික කණ්ඩායම ක්‍රීඩකයෙකු හෝ විශේෂයෙන් නායකයෙකු එවැනි දේ ගැන සැළකිල්ල යොමු කර තීරණ ගත යුතු ද කියන කාරණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමම කල්පනාවට ගත යුතුය.

සමහර විට එංගලන්ත තරගයේදී වුව දසුන් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණ නාමාවලියේ ඉදරියට පැමිණ තමන් වගකීම ගන්නා බවත්,තරගය ජය ගත යුතු බවත් සිතා එක් අන්තයක් පරික්ෂාකාරීව පන්දුවට පහරදීමට මෙහෙයවීමට මුල් වුණානම්,දසුන් හැරී බෘක් කළ වැඩේ ඊට පෙර ලංකාව වෙනුවෙන් කළ ක්‍රීඩකයා වන්නට තිබිණ.නායකයෙක් ලෙස චමරි ගන්නා අභියෝගාත්මක තීරණ සහ ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරිම ගැන,දසුන් සිටින්නේ චමරිව ආදර්ශයට ගත යුතු තැනෙකය.මේවා පිරිමි කණ්ඩායම ඇතුළතවත් සාධනීය ආකාරයට කතා කෙරෙනවාද යන්න අපි නොදන්නෙමු.ඒ ගැන සිතා ගන්නට අපහසු අපට වරදින විට පෙනෙන අඩුපාඩු හොඳ සාකච්ඡාවක් තිබුණානම් සිඳු නොවන වර්ගයට දැමිය හැකි ඒවා බැවිනි.
කෙසේ නමුත් අද තරග වඳින ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකටම අපි සුබ පතන්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන්ය.ජයවේවා!

The post චමරි සහ දසුන්ගේ අද දවස appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here