චබී යුවතියන්ට ගැලපෙන PLUS SIZE විලාසිතා

0
10


මෑත කාලයේදී size 16 එහෙම නැතිනම් XXL ප්‍රමාණයේ ඇඳුම් සඳහා Plus size යන යෙදුම භාවිතාකෙරෙනවා. මෙය කෙනෙක්ව අපහසුවට පත්කරන්න යොදන යෙදුමක් නොවේ. Plus size කියන්නෙ තවත් එක් මිනුමක් පමණයි. සමහර ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙය Tall සහ Curvy ලෙසත් කාණ්ඩගතකරනවා.

Plus size ඇඳුම් තෝරාගැනීමේදීද අන් මිනුම්වල ඇඳුම් තෝරාගැනීමේදී වගේම තමන්ගේ ලස්සන ඉස්මතුවන ආකාරයට විලාසිතා, යටඇඳුම් සහ ආබරණ ගලපාගැනීම වැදගත්.

මෙම tips වලින් Plus size විලාසිතා තෝරාගැනීමේදී අනිවාර්යයෙන්ම උදව්වක් වේවි.

පළමුවෙන්ම ඔබේ ශරරීරය රවුම්ද ත්‍රිකෝණාකාරද ඕවලාකාරීද ආදී ලෙස කුමන හැඩයකට අයිතිදැයි අවබෝධකරගන්න. මන්ද ශරීර හැඩය වරදවා ඇඳුම ඇන්දොත් ඔබේ ලස්සන ශරීර හැඩය ඉබේම වැසෙනවා. විශේෂයෙන්ම ඔබට හැඩැති (hourglass figure) ශරීර ස්වභාවයක් තිබෙනවානම අනිවාර්යයෙන්ම එය ඉස්මතුකරන්න.

ඔබ අඳින්න ආසම දිගු කලිසම වුණාට ඔබට pencil skirt එකක් වැඩියන් ගැලපෙන්න පුළුවන්. ඔබට ගවුම් ගැලපෙන්නෙ නැහැ කියල සිතුවත් half flared ගවුමක් ඔබට නව පෙනුමක් ගෙනදෙන්න පුළුවන්. එනිසා විලාසිතාවන් උත්සාහකරබලා අවබෝධයක් ලබාගන්න.

විශේෂයෙන්ම curves, කකුල්, උස ආදිය ඉස්මතුකරගැනීමෙන් ඔබටම ආවේනික ලස්සනක් ගොඩනඟාගත හැකියි.

තනි තද වර්ණයක් අඳිනවාට වඩා තද සහ ලා වර්ණ සංකලනට තුලින් ඔබට වැඩි අලංකාරයක් ඉස්මතුකරගත හැකිවනු ඇත. ඉරි, රවුම් ආදීමෝස්තර සහිත ඇඳුම් තෝරාගැනීම ප්‍රෙව්ශමෙන් සිදුකරන්න.

යටඇඳුම්වල මිම්ම වැරදිනම් ඔබේ ශරීරයේ හැඩය නිසිලෙස ඉස්මතුවන්නේ නැත. එනිසා නිසි පරිදි ගැලපෙන යටඇඳුම් තෝරාගන්න සැමවිටම මතක තබාගන්න.

ඔබ තනි පැහැ ඇඳුමක් අඳිනවා නම් ප්‍රතිවිරුද්ධ පැහැයක ආබරණ තෝරාගන්න. එවිට ඇඳුමට පමණක් අවධානය යොමුවීම අඩුයි. උසින් අඩුනම් අඩි උස සපත්තු පැළඳීමෙන් ඔබේ පෙනුම වර්ධනය කරගත හැකියි.

එහෙන් මෙහෙන් එල්ලෙන ඇඳුම් එක්කරන්නේ අවලස්සනක්. අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයේ ඇඳුම් ඇඳීමෙන් වළකින්න. ඇඟේ මිම්මට ගැලපෙන ඇඳුම් අඳින්න.

මතක තියාගන්න, ඔබේ ශරීරයේ හෝ හැඩයේ කිසිම ගැටළුවක් නොමැති බව. ඔබ කැමති ඕනෑම විලාසිතාවක් කිරීමට කිසිඳු ගැටළුවක් නැහැ. කල යුතුව ඇත්තේ නිසි ලෙස ඇඳුම් ගලපාගෙන, ඔබේ ස්වාභාවික ලස්සන සහ ආත්මවිශ්වාසය තව දුරටත් වර්ධනය කරගැනීම පමණයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here