චබී පෙනුමක් සහිත යුවතියකට සිහින් පෙනුමක් ලැබෙන ආකාරයට සාරියක් අඳින්නේ මෙහෙමයි

0
17


ඔබට ඇත්තේ තරමක් පිරිපුන් චබී පෙනුමක් සහිත සිරුරක් නම් සාරියක් අඳින්න ගියාම ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා.හේතුව තමයි ඔබව තවත් මහත් කර පෙන්වන්න ඔබ නොදැනුවත්ව කරන සුළු වැරදිවලට පුළුවන්.ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ සාරියක් අඳිද්දී මහත බව අඩු කර ඔබව කෙට්ටු කර පෙන්වීමට ඔබ අනුගමනය කළ යුතු tips කිහිපයක් ගැනයි.

ඔබ මහතයි නම් බර අඩු,කඩාහැලෙන ගතියෙන් යුතු ෆැබ්රික් වර්ගයේ රෙදි වෙන ජෝර්ජස්,හිපෝන්, ඉටැලියන් සිල්ක්,නෙට් රෙදි,ලයිග්ට් කොටන් වැනි රෙදි තෝරා ගන්න.

ප්‍රින්ට් සාරිවලට කැමති මහත අයෙක්නම් එවැනි සාරියක් මිලදී ගැනීමෙදී කුඩා මල් සහිත ප්‍රින්ට් සාරි වඩාත් ලස්සනට කැපී පෙනෙයි.එහිදි සාරි හැට්ටය තනි පාටකින් තිබීම අවශ්‍යයි.

කටාන් ලෙස හැදින්වෙන රෙදි ඔබට සුදුසු නැහැ.මොකද ඒහෙම රෙදි ගොඩක් බරට සහ පිම්බිලා තියෙන නිසා මහත කෙනෙක් තවත් මහතට පෙන්නනවා.

මෙහිදී මහත අයෙක් තෝරා ගත යුතු වන්නෙ හීනී බෝඩරයක් යෙදු සාරි වන අතර මහත අය මහත බෝඩරයක් යෙදු සාරියක් ඇදීමෙදී මහත බව මෙන්ම ශරීරයෙ මිටි බවද වඩාත් පෙන්නනවා.එම නිසා හීනී බෝඩරයක් යෙදු සාරියක් මගින් මේ ලක්ෂණ මගහරවා ගන්න පුලුවන්.

සිරුර මහත කෙනෙක් තද වර්ණ සහිත සාරි ඇන්දාම ඒ කෙනාගේ සිරුරේ මහත අඩු වී පෙනෙනවා. ඔබ මහත අයෙක් නම් කළු වර්ණය, තද දුඹුරු, තද දම්, තද නිල් වැනි තද වර්ණ භාවිත කරන්න.එය ඔබව හැඩට පෙන්වීමට උදව් වේවි.

මෙහිදී සාරි පොට අඩු පළලකින් නමා ගැනීම හා සාරි පොට දිගට නොදමා දණහිස වෙන තෙක් දමා ගැනිම සුදුසුයි.

උදරය නිරාවරණය නොවන ආකාරයට සාරි හැට්ට ඇදීම මගින්ද මහත අඩුකර පෙන්නන්න පුලුවන්. සාරි හැට්ටය ගැන සැලකිලිමත් වීමෙදී බෝට්ටු කර දාපු සාරි හැට්ට සුදුසු නැහැ.එහිදී උරහිස් පුළුල් කර පෙන්නමින් ඔබ වඩාත් මහත බව තවත් පෙන්වනවා. බෝරිචිචි අත් සහිත හෝ වඩාත් ලොකු අත් දැමු සාරි හැට්ට ඇදීමද යෝග්‍ය නොවේ.අත් දිගට දැමු පිටුපස කර V shape එකට දැමු හැට්ට මහත අඩු කර පෙන්වීමට වඩාත් සුදුසුයි.

මහත කෙනෙක් සාරියක් ඇදීමෙදී එයට පළඳින පාවහන් ගැනද සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මෙහිදි පෙන්සිල් හීල් ටයිප් එකේ පාවහන් යුගලක් වඩාත් සුදුසුයි.

ඉතින් තව දුරටත් මහත නිසා සාරි අඳින්න බය වෙන්නෙ නැතිව මේ ස්මාර්ට් ටිප්ස් අනුව ඔබටත් පුලුවන් සුන්දර සාරි විලාසිතාවකින් සැරසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here