නිශ්මං රණසිංහ ,මාර්තු 30, කොළඹ LNW:
පැවත්වෙමින් තිබෙන ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරග සළකා බැලිමේදී පිතිකරුවන් අතරින් පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල් සමත්ව සිටිනවා.පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගෙන සිටින වැඩිම කඩුලුලාභියා වන්නේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන දිලුම් සුදීර යි.
චන්දිමාල් තරග 9 ට සහභාගි වී ශතක 3 ක් සහ අර්ධ ශතක තුනක් සමඟ ඉණිම ඉණිම 13 දී ලකුණු 849 ක් ලබා ගෙන සිටිනවා.දිලුම් සුධීර පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 10 ක්‍රීඩා කර ඉණිම 17 දී ලකුණු 1465 ට කඩුලු 58 ක් ලබා පෙරමුණේ සිටිනවා.
ශතකලාභීන් අතර චන්දිමාල් මෙන්ම පවන් රත්නායක,අශේන් බණ්ඩාර,ප්‍රමෝද් මධුවන්ත සහ සාරුජාන් ෂන්මුගනාදන් යන ක්‍රීඩකයින් ශතක තුන බැඟින් රැස් කර තිබෙනවා.මේ අතර තරගාවලියේ ද්විත්ව ශතකලාභින් කිහිප දෙනෙකු දකින්නට ඇති අතර මෙවර මේ දක්වා වන හොඳම ඉණිම වාර්තා කරන්නට සමත්න සිටින්නේ ලහිරු උදාරයි.ඔහු එන්සීසී ක්‍රීඩා සමාජය වෙනුවෙන් පොලිස් කීඩා සමාජයට එරෙහිව ලකුණු 261 ක් රැස් කරන්නට සමත් වුණා.ඊට අමතරව පවන් රත්නායක 221,ප්‍රියමාල් පෙරේරා 212,පසිඳු සූරිය බණ්ඩාර නොදැවී 204,ධනංජය ද සිල්වා 204,ද්විත්ව ශතකය ඉක්මවා ලකුණු ලබා තිබෙනවා.අශේන් බණ්ඩාර,අන්ජුල බණ්ඩාර සහ කසුන් විදුර ද හරියටම ලකුණු 200 බැගින් රැස් කරන්නට සමත්ව සිටිනවා.
පන්දු යැවීමේදී ඉණිමක හොඳම පන්දු යැවීම ලෙස ඉණිමකදි කඩුලු 7 බැඟින් දවා ගත් අවස්ථා තුනක් දකින්නට ලැබෙනවා.එහිදී අකිල ධනංජය ලකුණු 39 ට කඩුලු 7 ක්,නිශාන් පීරිස් ලකුණු 67 ට කඩුලු 7 ක් සහ දුශාන් විමුක්ති ලකුණු 87 ට කඩුලු 7 ක් දවා ගන්නට සමත් වී තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ අවසාන කණ්ඩායම් අට අතරට එන තෙක් ශ්‍රී ලංකාව පැමිණියද,ඉනික්බිති ලැබූ පරාජයන් සමඟ පමණ ඉක්මවා ගිය මැවූ විරෝධයකින් තරග ප්‍රතිපලයට වඩා පරිපාලනය වෙනස් කිරීමේ උවමනාවක් නිර්මාණය කරන්නට කෘතිමය කරන ලද උත්සාහයන් දකින්නට ලැබිණ.එවැනි තත්ත්වයක දී මෙම තුන්දින තරගාවලියේදී ක්‍රීඩකයන් පෞද්ගලිකව දක්වන මේ හැකියාවන් විශාල වශයෙන් ඉදිරියට ඒම කන්දක් නැඟීමෙන් පසු පල්ලමක් හමුවීමක් ලෙස දැක්විය හැකියි.


The post චන්දිමාල් සහ දිලුම් පිත්තෙන් සහ පන්දුවෙන් පෙරමුණට appeared first on LNW Sinhala.
Saru News
















