Wednesday, May 7, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් චන්දිමාල්ගේ අවුරුදු පැජන්ට් එක අවසන් කරන්න පෙර තැප්‍රොබේන් ගිනිගනී

චන්දිමාල්ගේ අවුරුදු පැජන්ට් එක අවසන් කරන්න පෙර තැප්‍රොබේන් ගිනිගනී

0
14


chandimals-new-years-eve-pageant-catches-fire-before-it-ends

රාජගිරිය ගුවන් පාලමට යාබදව පිහිටි තැප්‍රෝබේන් උත්සව ශාලාවේ ඊයේ 5 වනදා රාත්‍රී ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ විය.
ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘කැලින් CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ තරගය අතරතුර මෙම ගින්න හට ගත් අතර ගින්න නිසා තරගයේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ අවසාන අංග කිහිපයක් අතහැර දමන්නට සිදුවිය.
තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
උත්සව ශාලාවේ තිර රෙදි වල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කර තිබෙයි.
ගින්න පැතිරෙන අතරතුර මයික්‍රෆෝන මගින් අනතුරු අගවමින් වහාම ඉවත්වන ලෙස පිරිසට දන්වා සිටි නිසා සියල්ලන් එතැනින් ඉවත්ව යාමට හැකිවිය.
කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර කිහිප දෙනෙකු සුලු තුවාල පමණක් ලබා ඇති බවයි වාර්තා වෙයි.
ගිනි නිවන අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ශාලාව පුරා ගින්න පැතිරීගොස් තිබූ අතර
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට උත්සාහයකද නිරත විය.
නමුත් වාර්තවන ආකාරයට සම්පූර්ණ ශාලාවම මෙයින් ගිනිබත් විය. මෙය කඩාකප්පල් ක්‍රියවක්ද යන්න සැකයක්ද මතුව ඇති අතර ගින්න සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සම්බන්ධිත ලිපි



    Saru FM Media

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here