ඝාතන තැතකට අවශ්‍ය කර සිට සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියෙකු අත්අඩංගුවට

0
2

කළුතර සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

එම විමර්ශනවලට අනුව 24 හැවිරිදි නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (10) දහවල් බලංගොඩ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී පසුගිය දෙසැම්බර් මාසයේදී නාගොඩ රෝහල තුළ බන්ධනාගාර රැඳවියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැන් කිරිම සහ දෙහිවල ප්‍රදේශයේදී හෝටලයක හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

නාගොඩ ප්‍රදේශයේ දී සිදුකළ පුද්ගල ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් කළුතර සහ බලංගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සැකකරුවන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 23ක් වන බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here